1. ගෝත්‍රික රාජ්‍ය මාදිලිය
රාජ්‍ය මාදිලි
රාජ්‍යය කවදා කෙසේ ආරම්භ වූවාදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවත් ආදිකල්පිත සමාජ දේශපාලන පරිවර්තනය තුළ පැරණිතම රාජ්‍යය සංවිධානය/ මාදිලිය ලෙස සැලකෙන්නේ ගෝත්‍රික රාජ්‍යයයි.ලෝකයේ විවිධ කලාපවල මෙම ගෝත්‍රික සංවිධාන ක්‍රියාත්මක වී ඇත.ඇතැම් ගෝත්‍ර සංක්‍රමණික ගෝත්‍ර වූ අතර ඇතැම් ගෝත්‍ර නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථාවරවම වාසය කළ ගෝත්‍ර වේ.
මෙම ගෝත්‍ර පවුල්/ ලේ ඤාතීත්වය මත ගොඩනැගී ඇත.නූතන රාජ්‍යය ක්‍රමයක මෙන් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ ලෙස සිදුවන පාලනයක් මෙහි නොවූ අතර මේ රාජ්‍ය පාලනය කරන ලද්දේ ගෝත්‍රික නායකයෙකු විසින්ය. ගෝත්‍රික නායකත්වය තීරණය වූයේ පෞර්ශත්ව,සටන්කාමී බව ,සවි ශක්තිමත් බව වැනි දේ පදනම් කරගෙනය. ඇතැම් නායකයන්ට පූජකයන්ගේන් වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබුණු අතර පූජක නායකත්වය සහිත ගෝත්‍රයන්ද දැකිය හැකිය.
ගෝත්‍රික ප්‍රජාව විසින් ගෝත්‍රික නායකයාගෙන් අපේක්ශා කලේ
1.ගෝත්‍රයේ ජනයා ඒකාබද්ධ ප්‍රජාවක් ලෙස තබා ගැනීම.
2.ප්‍රජාව අතර පවතින චාරිත්‍ර වාරිත්‍ර "නීති" හැටියට බලාත්මක කිරීම
3.එම චාරිත්‍ර කඩ කරන අයට දඩුවම් දීම
4.ප්‍රජාවේ සාමාජිකයින් අතර ඇතිවන ආරවුල් විසදීම
5.ප්‍රජාවගේ ආරක්ශාව.
6.බාහිර ගෝත්‍ර වල ආක්‍රමණ වලින් ආරක්ශා කිරීම.
7.ප්‍රජාවේ ආර්ථික පැවැත්ම ස්ථාපිත කිරීම
බලි තොවිල්, යාග ,ශාන්තිකර්ම ගෝත්‍රික රාජ්‍යයේ දේශපාලන භාවිතයන් විය.ගෝත්‍රික රාජ්‍යයක් තුල නිශ්චිතව ක්‍රමවත්ව ගොඩනගන ලද දේශපාලන ආයතන ව්‍යුහයක් නොතිබූ බැවින් නිශ්චිත නීති පද්ධතියක් තිබුණේ නැත.ගෝත්‍රිකයින්ගේ හැසිරීම් රටා, චාරිත්‍ර වාරිත්‍ර ,සාම්ප්‍රදායිකව පැවති සිරිත් විරිත් ආදිය පදනම් කරගෙන ගෝත්‍රික රාජ්‍යයක පාලන ක්‍රමය ගොඩ නැගී ඇත . එබැවින් ගෝත්‍රයෙන් ගෝත්‍රයට පාලන ක්‍රමයන් වෙනස් වේ.
ගෝත්‍රික රාජ්‍යයකට නිශ්චිත දේශසීමාවක් තිබුනේද නැත.දේශසීමා යුධ භාහිර ගෝත්‍රික ආක්‍රමණ හේතුවෙන් නිරන්තරයෙන් වෙනස් විය.එම නිසා භෞමික රාජ්‍යයක් වන්නේ නැත.එමෙන්ම මෙම රාජ්‍යයන් සිය ආධිපත්‍යය පවත්වාගෙන යන්නෙ නිශ්චිත දේශසීමවක් තුළ නොව විසිරී ඇති ජනගහණයක් මතය.
...........................................................................

Comments
Post a Comment