3. රාජාණ්ඩු මාදිලිය.
රාජාණ්ඩු යනු බොහෝ විට පරම්පරාවෙන් රාජ්‍යයට උරුමකම් කියන තනි පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන පාලන ක්‍රමයකි.රෝම අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසුවත් නූතන රාජ්‍යය බිහිවීමට පෙරත් අතර කාලය තුල යුරෝපීය මෙන්ම යුරෝපීය නොවන රාජ්‍යය රැසක මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක විය. මෙය දැනට පවතින බොහෝ රාජ්‍යය වල පූර්ව නූතන ආකෘතිය විය.
1)පාලනයේ විමධ්‍යගත ස්වභාවය.
මෙම පාලන ක්‍රමය රජු වටා කේන්ද්‍රගත වුවත් මධ්‍යගත රාජ්‍යයක්, මධ්‍යගත පරමාධිපත්‍යයක් තිබුනේ නැත. රාජ්‍යය සතු පරමාධිපත්‍ය බලය විසිරී තිබිණි. විමධ්‍යගත ස්වරූපයක් ගත්තේය. පරිභාහිරව සිටි ප්‍රාන්ත පාලකයින් රජුගෙන් බොහෝ ස්වාධීනත්වයක් ලබා තිබුණි. එහිදී ප්‍රාදේශීය බලකේන්ද්‍රණ අතර නිරන්තර බල අරගල සහ යුද්ධ දක්නට ලැබුණි.
2)භෞමික රාජ්‍යයක් නොවීම.
මෙම රාජ්‍යය ක්‍රමය තුල කල් පවත්නා සහ නිශ්චිත, ස්ථාවර දේශසීමා තිබුණේ නැත. රාජ්‍යයට දේශසීමා තිබුණද ඒවාට පිළිගැනීමක් තිබුණේ නැත. නිරන්තර යුධ ගැටුම් සහ ඈදෑගැනීම් මගින් එම සීමා වෙනස් විය. එමනිසා ආධිපත්‍යය පැවතුනේ භූමිය මත නොව ප්‍රජාවක් මතය.
3)පුරවැසියා වෙනුවට යටත්වැසියා යන සංකල්පය මුල්බැසගෙන තිබීම.
යුරෝපයේ ග්‍රීක සහ රෝම යුගයේ පැවති රදළයන්ට සහ පුරුෂයන්ට පමණක් හිමි වූ පුරවැසිභාවය පිළිබඳ සංකල්පය මෙහිදී නැති වී ගොස් පුරවැසියා වෙනුවට යටත් වැසියා යන සංකල්පය මුල්බැස ගත්තේය. යටත්වැසියාට කිසිදු අයිතිවාසිකමක් නොතිබූ අතර ඒ වෙනුවට තිබුණේ වගකීම්ය.
4)රාජ්‍යයේ කාර්‍යයන් ව්‍යවස්ථාදායක , විධායක , අධිකරණ වශයෙන් බෙදා නොතිබීම.
රාජාණ්ඩු ක්‍රමයක පාලකයාට අත්තනෝමතික බලතල හිමි වී ඇත. එම බලතල කිසිඳු ක්‍රමවේදයක් හරහා සංවරණය නොවූ අතර නීතිය උත්පාදනය වූයේ පාලකයාගේ ආඥා මගිනි. ව්‍යවස්ථාදායක , විධායක , අධිකරණ යුධ , පරිපාලන සියලු බලතල රජු හෝ රැජිණ වටා කේන්ද්‍රගත වී තිබිණි. ඒ අනුව පාලකයාගේ එකාධිපති වීමේ හැකියාව උපරිමව තිබූ අතර සර්වබලධාරි පාලන තන්ත්‍රයක් රාජාණ්ඩු ක්‍රමයක බිහි වී තිබිණි.
5)ප්‍රාදේශීය පාලකයින් සහ වංශාධිපතිවරු රජුට දැක්වූ පක්ශපාතීත්වය ස්ථාවර එකක් නොවීම.
දැඩි බලතල විමධ්‍යගත ස්වභාවය තුල ප්‍රාදේශීය රජවරු , වංශාධිපතිවරු රජුගෙන් දැඩි ලෙස ස්වාධීන වී සිටියේය. එම නිසා ඔවුන් රජුට දැක්වූ පක්ශපාතීත්වය සෑම විටම ස්ථාවර එකක් වූයේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රාදේශීය පාලකයින්ගේ සහ වංශාධිපතිවරුන්ගේ පක්ශපාතීත්වය ලබා ගැනීමට රජතුමා බොහෝ විට ඔවුන් ඇමතිවරුන් , සේනාධිපතිවරුන් සහ උපදේශකවරුන් ලෙස පත්කිරීමය.
6)පාලකයින් පාලකයින් අතර සෘජු සම්බන්ධතා නොති බීම.
7)පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන රාජ්‍යය උරුමය.
ඉහත ලක්ෂණ රාජාණ්ඩු ක්‍රමයක දැකිය හැකිය. 1789 ප්‍රංශ විප්ලවය මෙම පරමාධිකාරී රාජ්‍යය ක්‍රමයට එරෙහිව මහජන විරෝධතා මතු වූ උච්චතම අවස්ථාවය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ පරමාධිකාරී රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටුණි.
.......................
(Political Science - Gurubewula)

Comments
Post a Comment