2. පෞර රාජ්‍ය
2. පෞර රාජ්‍ය/ නාගරික රාජ්‍යය
මාදිලිය
දේශපාලනය සම්බන්දයෙන් සක්‍රීයව ක්‍රියාත්මක වූ ප්‍රථම රාජ්‍යය ක්‍රමය වශයෙන් සැලකෙන්නේ ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමයයි.නගරයක් මුල් කරගෙන ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන නාගරික රාජ්‍යයන් වේ. ක්‍රි.පු 7 වන සියවසේ ග්‍රීසිය තුළ ක්‍රියාත්මක වූයේ මෙම රාජ්‍යය ක්‍රමයයි.නූතන රාජ්‍යයේ පවා න්‍යායික පදනම සකසා ගැනීමේදී බෙහෙවින් ආභාසය ලබා ගන්නේ පෞර රාජ්‍යය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගුණු සම්භාව්‍ය ග්‍රීක දේශපාලන චින්තනයෙනි.
ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමය තුළ සමාජ ක්‍රමය ගොඩනැගී තිබුණේ රදළයින්, නිදහස් වැසියන්, හා වහලුන් යන ප්‍රධාන සමාජ පන්ති 03ක් පදනම් කරගෙනය. වරප්‍රසාධ හිමි රදළයින් ජනගහණයේ සුළුතරය වූ අතර බහුතරය සාමාන්‍ය වැසියන් සහ වහලුන්ය.මෙම රාජ්‍ය ක්‍රමය තුළ පුරවැසි අයිතිවාසිකම් නොතිබූ අතර දේශපාලන බලය හිමි වූයේ සුළුතරය නැතහොත් රදළයින්ට පමණි.විදේශිකයින්ට ,ස්ත්‍රීන්ට හා වහලුන්ට දේශපාලන බලය හිමි නොවීය. මේ අනුව පන්ති විභේදනය සහිත සමාජයක ඉහළම දේශපාලන ආයතනය රාජ්‍යය විය.
නාගරික රාජ්‍යය නිශ්චිත භූමියක් මත පදනම් වූ එකක්ය.එනම් එය භෞමික රාජ්‍යයක්ය.එම නිසා ආධිපත්‍යය පැවතුනේ ප්‍රජාවක් මත නොව භූමිය මතය.එමෙන්ම ජනගහණය හා භූමිය අතින් සීමිත සහ කුඩා දේශපාලන ඒකකයක් විය.එකී රාජ්‍යයක ජනතාව තුළ තම රාජ්‍යය ගැන ඉතා උසස් හැගීමක් තිබුණි.
නගරයේ ආගම සියලු පුරවැසියන්ගේ ආගම විය.පුරවැසිභාවය යනු දේපළ හිමි පිරිමින් සතු වරප්‍රසාදයකි.සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පැවැති ඇතෑන්ස් වැනි පෞර රාජ්‍ය වල පුරවැසියෙකු වශයෙන් රාජ්‍යයේ කටයුතු වෙනුවෙන් සක්‍රීය ලෙස මැදිහත් වීම අපේක්ශා කෙරිණි.
පෞර රාජ්‍ය වල දේශපාලන ක්‍රියාවලිය සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සකස් වී තිබුණි.පුරවැසියන් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන රාජ්‍යයේ කාර්‍යයන්ට සම්බන්ධ වීම පුරවැසියන්ගේ ඉහළම සහ උතුම් යුතුකම හා වගකීමක් ලෙස සලකා ඇත.
පෞර රාජ්‍යයේ පුරවැසියා බහුකාර්‍ය පුරවැසියෙකි. එනම් පුරවැසියා එක් අවස්ථාවකදී පාලකයෙකු ලෙසද තවත් අවස්ථාවකදී හමුදා සෙබලෙකු ලෙසද තවත් අවස්ථාවකදී දාර්ශනිකයෙකු ලෙසද විවිධකාර්‍යයන්හි නියුක්ත විය.
ග්‍රීක නාගරික රාජ්‍යය වල තනි පුද්ගල පාලන තන්ත්‍ර ,ඒකාධිපති පාලන තන්ත්‍ර, කතිපයාධීකාරි පාලන තන්ත්‍ර ,සෘජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍ර ආදී වශයෙන් විවිධ දේශපාලන / ආණ්ඩුක්‍රම මාදිලි ක්‍රියාත්මක වුණු.
ග්‍රීක නාගරික රාජ්‍යය දේශපාලන වශයෙන් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි දේශපාලන ක්‍රියාකාරිත්වය සම්භවය ලැබුවේ ඒවා ආශ්‍රිතව වීම නිසාය. මේ ආකාරයට නාගරික රාජ්‍යය හෙවත් පෞර රාජ්‍යය මාදිලිය විස්තර කල හැක.
....................................................................

Comments
Post a Comment