Posts

3. රාජාණ්ඩු මාදිලිය.

Image
රාජාණ්ඩු යනු බොහෝ විට පරම්පරාවෙන් රාජ්‍යයට උරුමකම් කියන තනි පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන පාලන ක්‍රමයකි.රෝම අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසුවත් නූතන රාජ්‍යය බිහිවීමට පෙරත් අතර කාලය තුල යුරෝපීය මෙන්ම යුරෝපීය නොවන රාජ්‍යය රැසක මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක විය. මෙය දැනට පවතින බොහෝ රාජ්‍යය වල පූර්ව නූතන ආකෘතිය විය. 1)පාලනයේ විමධ්‍යගත ස්වභාවය.            මෙම පාලන ක්‍රමය රජු වටා කේන්ද්‍රගත වුවත් මධ්‍යගත රාජ්‍යයක්, මධ්‍යගත පරමාධිපත්‍යයක් තිබුනේ නැත. රාජ්‍යය සතු පරමාධිපත්‍ය බලය විසිරී තිබිණි. විමධ්‍යගත ස්වරූපයක් ගත්තේය. පරිභාහිරව සිටි ප්‍රාන්ත පාලකයින් රජුගෙන් බොහෝ ස්වාධීනත්වයක් ලබා තිබුණි. එහිදී ප්‍රාදේශීය බලකේන්ද්‍රණ අතර නිරන්තර බල අරගල සහ යුද්ධ දක්නට ලැබුණි. 2)භෞමික රාජ්‍යයක් නොවීම.              මෙම රාජ්‍යය ක්‍රමය තුල කල් පවත්නා සහ නිශ්චිත, ස්ථාවර දේශසීමා තිබුණේ නැත. රාජ්‍යයට දේශසීමා තිබුණද ඒවාට පිළිගැනීමක් තිබුණේ නැත. නිරන්තර යුධ ගැටුම් සහ ඈදෑගැනීම් මගින් එම සීමා වෙනස් විය. එමනිසා ආධිපත්‍යය පැවතුනේ භූමිය මත නොව ප්‍රජාවක් මතය. 3)පුරවැසියා වෙනුවට යටත්වැසියා යන සංකල්පය මුල්බැසගෙන තිබීම.            ...

2. පෞර රාජ්‍ය

Image
2. පෞර රාජ්‍ය/ නාගරික රාජ්‍යය  මාදිලිය දේශපාලනය සම්බන්දයෙන් සක්‍රීයව ක්‍රියාත්මක වූ ප්‍රථම රාජ්‍යය ක්‍රමය වශයෙන් සැලකෙන්නේ ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමයයි.නගරයක් මුල් කරගෙන ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන නාගරික රාජ්‍යයන් වේ. ක්‍රි.පු 7 වන සියවසේ ග්‍රීසිය තුළ ක්‍රියාත්මක වූයේ මෙම රාජ්‍යය ක්‍රමයයි.නූතන රාජ්‍යයේ පවා න්‍යායික පදනම සකසා ගැනීමේදී බෙහෙවින් ආභාසය ලබා ගන්නේ පෞර රාජ්‍යය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගුණු සම්භාව්‍ය ග්‍රීක දේශපාලන චින්තනයෙනි. ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමය තුළ සමාජ ක්‍රමය ගොඩනැගී තිබුණේ රදළයින්, නිදහස් වැසියන්, හා වහලුන් යන ප්‍රධාන සමාජ පන්ති 03ක් පදනම් කරගෙනය. වරප්‍රසාධ හිමි රදළයින් ජනගහණයේ සුළුතරය වූ අතර බහුතරය සාමාන්‍ය වැසියන් සහ වහලුන්ය.මෙම රාජ්‍ය ක්‍රමය තුළ පුරවැසි අයිතිවාසිකම් නොතිබූ අතර දේශපාලන බලය හිමි වූයේ සුළුතරය නැතහොත් රදළයින්ට පමණි.විදේශිකයින්ට ,ස්ත්‍රීන්ට හා වහලුන්ට දේශපාලන බලය හිමි නොවීය. මේ අනුව පන්ති විභේදනය සහිත සමාජයක ඉහළම දේශපාලන ආයතනය රාජ්‍යය විය. නාගරික රාජ්‍යය නිශ්චිත භූමියක් මත පදනම් වූ එකක්ය.එනම් එය භෞමික රාජ්‍යයක්ය.එම නිසා ආධිපත්‍යය පැවතුනේ ප්‍රජාවක්...

1. ගෝත්‍රික රාජ්‍ය මාදිලිය

Image
රාජ්‍ය මාදිලි 1. ගෝත්‍රික රාජ්‍යය රාජ්‍යය කවදා කෙසේ ආරම්භ වූවාදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවත් ආදිකල්පිත සමාජ දේශපාලන පරිවර්තනය තුළ පැරණිතම රාජ්‍යය සංවිධානය/ මාදිලිය ලෙස සැලකෙන්නේ ගෝත්‍රික රාජ්‍යයයි.ලෝකයේ විවිධ කලාපවල මෙම ගෝත්‍රික සංවිධාන ක්‍රියාත්මක වී ඇත.ඇතැම් ගෝත්‍ර සංක්‍රමණික ගෝත්‍ර වූ අතර ඇතැම් ගෝත්‍ර නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථාවරවම වාසය කළ ගෝත්‍ර වේ. මෙම ගෝත්‍ර පවුල්/ ලේ ඤාතීත්වය මත ගොඩනැගී ඇත.නූතන රාජ්‍යය ක්‍රමයක මෙන් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ ලෙස සිදුවන පාලනයක් මෙහි නොවූ අතර මේ රාජ්‍ය පාලනය කරන ලද්දේ ගෝත්‍රික නායකයෙකු විසින්ය. ගෝත්‍රික නායකත්වය තීරණය වූයේ පෞර්ශත්ව,සටන්කාමී බව ,සවි ශක්තිමත් බව වැනි දේ පදනම් කරගෙනය. ඇතැම් නායකයන්ට පූජකයන්ගේන් වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබුණු අතර පූජක නායකත්වය සහිත ගෝත්‍රයන්ද දැකිය හැකිය.                      ගෝත්‍රික ප්‍රජාව විසින් ගෝත්‍රික නායකයාගෙන් අපේක්ශා කලේ 1.ගෝත්‍රයේ ජනයා ඒකාබද්ධ ප්‍රජාවක් ලෙස තබා ගැනීම. 2.ප්‍රජාව අතර පවතින චාරිත්‍ර වාරිත්‍ර "නීති" හැටියට බලාත්මක කිරීම 3.එම චාරිත්‍ර කඩ කරන අයට දඩුවම් දීම 4.ප්‍රජාව...